November 1, 2026

පොලිස් නිලධාරීන්ගේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම වඩාත් ශක්තිමත් කිරීම මෙම පියවරේ අරමුණයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් සඳහන් කළේ මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවයි.

CCTV කැමරාවල සටහන් වන දර්ශන ඔස්සේ පොලිස් ස්ථානවල සිදුවන කටයුතු සෘජුවම අධීක්ෂණය කිරීමට ද අවශ්‍ය කටයුතු යොදන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පොලිස් භාරයේ පසුවන සැකකරුවන්ට සැලකෙන ආකාරය පිළිබඳව මහජනතාව අතර දැඩි කතාබහක් සහ කංකාවක් ඇතිවී තිබෙන පසුබිමක, මෙම පියවර මගින් පොලිස් ස්ථානවල විනිවිදභාවය සහ වගවීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, මෙම කැමරා සවිකිරීමේ කටයුතු අවසන් කරන්නේ කවදාද යන්න හෝ අදාළ අධීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පොලිසිය තවමත් නිශ්චිතව කරුණු දක්වා නොමැත.