November 1, 2026

රටේ ආර්ථික ශක්තිමත්භාවයට සහ මූල්‍ය ස්ථාවරත්වයට දිගුකාලීන උපායමාර්ගික සැලසුම්වල අත්‍යවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පෙන්වා දුන්නේය.

බලශක්ති සැපයුම විවිධාංගීකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වේගවත් කිරීම සහ විදේශගත ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි කාලරාමූන් සහිත සැලසුම් අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.

එමෙන්ම ඔහු අවධාරණය කළේ ආනයන වෙළඳපොළවල් තහවුරු කරගැනීම, අවතැන් වූ ව්‍යාපාර මෙරටට ආකර්ෂණය කරගැනීම සහ සමබර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම සඳහා වගකිය යුතු ආයතන නියම කරමින් ක්‍රියාත්මක වන ජාතික උපායමාර්ගයක් රජය විසින් සකස් කළ යුතු බවයි.