November 1, 2026

රූමස්සල ජංගල් බීච් ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි 20 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අතවරයක් සිදුකළ බවට සැකකෙරෙන 21 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කර ඇති පරිදි, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු, අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි අයෙකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත, උණවටුන සංචාරක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශ සංචාරක තරුණියගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව, වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිසිය විසින් සැකකරු හබරාදූව පොලිසියට භාර දී ඇත.

සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා තිබිණි.