October 31, 2026

අද පස්වරුවේ කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීමෙන් 16 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු තුවාල ලබා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා විය.

තුවාල ලැබූ අදාළ බාලවයස්කාර දරුවා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය පිළිබඳව කඩවත පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.