
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ පුද්ගලයකු ලෙස පෙන්වාදෙමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම ව්යාජ සහ අසත්ය එකක් බව අමාත්යවරයාගේ මාධ්ය ලේකම්වරයා නිවේදනය කරයි.
අමාත්යවරයාව තදබල අපහාසයට ලක්කිරීමේ චේතනාවෙන් යුතුව මෙම ව්යාජ පෝස්ටුව නිර්මාණය කර ඇති බවත්, ‘නිලන්ත සත්සර ගමගේ’ නමැති අයකු විසින් මුල් වී මෙය සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කර ඇති බවත් හඳුනාගෙන තිබේ. ඊට අදාළ ෆේස්බුක් (Facebook) ගිණුම්වල තොරතුරු සහ තිර සටහන් (Screenshots) සාක්ෂි ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
මෙලෙස අසත්ය තොරතුරු ප්රචාරය කරමින් අමාත්යවරයාගේ කීර්තිනාමයට හානි කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර, මෙම ව්යාජ පුවත සංසරණය වීම වැළැක්වීමටත්, නිරවද්ය තොරතුරු මහජනතාව අතරට ගෙනයෑමටත් අවශ්ය මැදිහත්වීම ලබාදෙන ලෙස මාධ්ය ලේකම්වරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart