
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරියේ යැයි කියන සිද්ධියක් මුල්කර ගනිමින් හෝමාගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ තහනම් කර ඇති බව පොලිස්පතිවරයා පවසයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (29) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
හොරණ ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම නිලධාරියා ඊයේ (28) බස්නාහිර පළාත් දකුණ භාර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම වැඩ තහනමට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම දිසාව භාර පොලිස් අධිකාරීවරයා විසින් ඔක්තෝබර් 26 වනදා සිට ක්රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. එලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සහ දූෂණ මර්දන/වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ එම අවස්ථාවේ රාජකාරියේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකි. මත්ද්රව්ය ළඟ තබාගෙන සිටි බවට වූ සැකය මත ඔක්තෝබර් 25 වැනිදා පිටිපන හන්දියේදී හෝමාගම පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය පැවසුවේ, සැකකරු හෝමාගම පොලිස් ස්ථානයට ගෙනඒමෙන් පසු හදිසියේ රෝගාතුර වූ බවයි. පසුව ඔහුව ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
මරණයෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට තොරතුරු වාර්තා කර ඇත. වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් හෝමාගම මූලික රෝහලේදී ස්ථානීය පරීක්ෂණයක් සහ දේහය පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වන ලදී.
පසුව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරියෙකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
හෝමාගම දිසාව භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, හෝමාගම II දිසාව භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහාය ඇතිව බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පවත්වාගෙන යනු ලැබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart