October 28, 2026

මීළඟ ජනාධිපතිවරණය සඳහා පාලක සන්ධානය වන ජාතික ජනබලවේගය සමග තරඟ කිරීමට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගය පවසයි.

රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කෙරුණු දේශපාලන වැඩසටහනකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ එය තමන් වගකීමෙන් සිදුකරන ප්‍රකාශයක් බවයි.

”ඊළඟ ජනාධිපතිවරණයේදී අනුර කුමාරට විරුද්ධව ඉන්නේ එක අපේක්ෂකයයි. ඒකට මම වගකියනවා. ඒ එක ප්‍රතිපත්තියක් උඩ. අපේක්ෂකයා ගැන මගෙන් අහන්න එපා දැන්. ඒක කියලා තේරුමක් නැහැනේ. අද මට ඕක කියනවා නම් කියන්න පුලුවන් සජිත් ප්‍රේමදාස තමයි අපේක්ෂකයා කියලා. ඒක තමයි සරල උත්තරේ. එතකොට ඔබ සෑහීමට පත්වෙනවා. එතනින් එහාට කතාව යන්නේ නෑ. ඔව්. මගෙත් පක්ෂෙ නායකයා. ජනාධිපති වෙන්න සුදුසු කෙනෙක්. මම විශ්වාස කරනවා එතුමට පොදු අපේක්ෂකයා වෙන්න පුලුවන් කියලා.” යනුවෙන් ඔහු එහිදී අදහස් පළ කළේය.