October 28, 2026

රඹෑව, අංක 90 පිලිනිගම ග්‍රාම නිලධාරී වසමේ අලුත්ගම ගම්මානයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට වන සත්ව අඩවි සහකාරවරයාට ලද තොරතුරු අනුව පරික්ෂාවේදී අනවසර විදුලි රැහැනකට වැදී මියගොස් සිටින වන අලි දෙදෙනා ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (27) දහවල් පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී මදුවන්ති විසින් සිදුකෙරිණි.

මෙම අලි දෙදෙනාට විදුලිසැර වැද්දූ ඉඩමේ හිමිකරු වූ බයියාගේ ගුණදාස යන අය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ හවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හෙට (28) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.