
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලූලා ද සිල්වා ජනවරමකින් යළිත් බ්රසීලයේ ජනාධිපතිධූරයට තේරී පත්විම සම්බන්ධයෙන් ප්රවාහන අමාත්ය බිමල් රත්නායක සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහනක් තබා ඇත.
”බ්රසීලයේ ජනාධිපති සටනින් කම්කරු පක්ෂයේ අපේක්ෂකයා ලූලා ද සිල්වාව මිනිස්සු විසින් දිනෙව්වා!
මේ මැතිවරණ ව්යාපාරය මම බලන් හිටියේ හේතු කිහිපයක් නිසා. ඒ මේකේ ප්රතිඵලය ලෝකයට සැලකිය යුතු බලපෑමක් කරන නිසා. අද ඒ ප්රතිඵලය ජනතාවාදී එකක් වෙලා තිබෙනවා. මේ මැතිවරණ ප්රතිඵලයෙන් ලෝකයට ඔප්පු කරලා තිබෙනවා
මිනිස්සුන්ට සල්ලි වලට, මාධ්ය බලඇණිවලට, ඇල්ගොරිදම් වලට, ජාතිවාදයට, දුෂ්ට අදහස්වලට එරෙහිව සටන් කරන්න තියෙන ශක්තිය !
ලූලා කම්කරුවෙක් විදිහට ජීවිතය පටන් ගත්ත කෙනෙක්. බාල වයස්කාර දරුවෙක් විදිහට අවුරුදු දාහතේදී සපත්තු කර්මාන්තශාලාවක වැඩ කරද්දි එයාගේ එක ඇඟිල්ලක් කැපිලා වෙන් වෙනවා. ඒ නිසා ලූලාට තියෙන්නේ අත් දෙකේ ඇඟිලි නමයයි.
මේ ඡන්ද ව්යාපාරයේදී අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා සහ ඔහුගෙ මතය ගිලපු අය වැඩියෙන්ම ලූලාට ගහන්න යොදාගත්ත දෙයක් වුණේ ලූලට තියෙන්නේ ඇඟිලි නමයයි කියන එක.
බ්රසීල ජනාධිපතිවරණයේ අවසාන ප්රසිද්ධ රූපවාහිනී විවාදයේදී පවා අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා කිව්වේ ලූලාට නමයයි ,එයාට දහයයි එයා දිනනවා කියලා!
මට මතක් උනේ මීට අවුරුදු දෙකකට කලින් අපේ ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයාට ඔය විදියටම කරපු අපහාස. දැනුත් කරන අපහාස!
ලූලා පුංචි මිනිහෙක්!
ඒත් බ්රසීලේ මිනිස්සු පෙන්නුවා එයාල බ්රසීලය තරම්ම ලොකුයි කියලා!
ඔහොම යං! තව තවත් ජනතාවාදීව!!”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart