
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Canberra වෙරළාශ්රිත සටන් නෞකාව සාමාන්ය නාවික සංචාරයක් සඳහා අද කොළඹ වරායට ළඟාවී තිබේ. මෙය මෙම වසර තුළ එම නෞකාව ශ්රී ලංකාවට ළඟා වූ දෙවන අවස්ථාවයි.
එම නෞකාව මීට පෙර පසුගිය ජූනි මාසයේදී ද ශ්රී ලංකාවට ළඟා වී තිබිණි.
මෙම නෞකා සංචාර පහසු කරලීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව ලබාදුන් සහයෝගය අගය කරමින් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් සිය කෘතඥතාව පළ කළේය.
“මෙම සංචාර සාර්ථක හා කාර්යක්ෂම කරගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව දැක්වූ වෘත්තීයභාවය සහ සහයෝගය අපි අගය කරමු. මෙම සෑම නෞකා සංචාරයක්ම, විශ්වාසය මත පදනම් වූ අපගේ නාවික සහකාරිත්වය ශක්තිමත් කරන අතර, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වන අපගේ පොදු කැපවීම මූර්තිමත් කරයි,” යනුවෙන් තානාපතිවරයා පැවසීය.
එම නෞකාව වෙරළාශ්රිත මුහුදු තීරයේ මෙන්ම විවෘත සාගරයේද මෙහෙයුම් කටයුතු සිදුකිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත. උසස් තාක්ෂණයෙන් සහ වෙනස්වන මෙහෙයුම්වලට අනුව සැකසිය හැකි පද්ධතිවලින් සමන්විත මෙම නෞකාවට සමුද්රීය ආරක්ෂක මෙහෙයුම්, මුහුදු බෝම්බ නාශක මෙහෙයුම් සහ කලාපීය ඇමෙරිකානු නාවික සාන්නිධ්ය තහවුරු කිරීමට හැකියාව පවතී. ඉන්දු-පශිෆික් කලාපයේ මෙම නෞකාවේ මෙහෙයුම්, වැදගත් සමුද්රීය නාවික මාර්ග ආරක්ෂා කිරීම, නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම සහ සමුද්රීය ආරක්ෂාව වෙනුවෙන් කලාපීය පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන ඇමෙරිකානු ප්රයත්නයන්හි කොටසකි.
මෙම නෞකාව නම් කර ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයේ 1942 දී පැවැති ‘සාවෝ දූපත් සටනේදී’ ඇමෙරිකානු බලකායන් සමඟ එක්ව සටන් කරමින් විනාශයට පත් වූ HMAS Canberra නැමැති ඕස්ට්රේලියානු යුද නෞකාවට ගෞරවයක් ලෙසින් ය. 2018 පෙබරවාරි මාසයේදී එවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් මෙම නම තැබීම පිළිබඳව නිවේදනය කරන ලදී.
කැන්බරා නෞකාව 2023 ජූලි 22 වන දින ඓතිහාසික වාර්තාවක් තබමින්, විදේශීය මිත්ර රටකදී නිල වශයෙන් සේවයට එක්කර ගන්නා ලද පළමු ඇමෙරිකානු නාවික හමුදා යුද නෞකාව බවට පත් විය. එම නිල උත්සවය ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රාජකීය ඕස්ට්රේලියානු නාවික හමුදාවේ නැගෙනහිර නාවික බලඇණි මධ්යස්ථානයේදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart