
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එංගලන්තයට එරෙහිව රාවල්පින්ඩි හි පැවැති ඓතිහාසික එක්දින තරගයේදී ප්රහාරාත්මක ඉනිමක් ක්රීඩා කළ ශ්රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායකගේ ක්රීඩා විලාසය පිළිබඳව ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්රීඩක රවිචන්ද්රන් අශ්වින් සිය ප්රසාදය පළ කර සිටියි.
එමෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දක්වා තිබියදීත්, මෙම යොවුන් ක්රීඩකයාට තවමත් ටෙස්ට් ක්රිකට් වරම් නොලැබීම පිළිබඳවද ඔහු මෙහිදී ප්රශ්න කර සිටියේය.
පසුගිය ඔක්තෝබර් 22 වැනිදා පැවැති තරගයේදී එංගලන්තය ලබාදුන් ලකුණු 430 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 106 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 3 ක් සමගින් අලංකාර ලකුණු 130 ක් රැස්කිරීමට පවන් රත්නායක සමත් විය.
එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම සාර්ථක ලකුණු හඹායාම සටහන් කරමින්, පන්දු වාරයකට පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකාව සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ද පවන් රත්නායක ය.
තමා පවන් රත්නායකගේ ඉනිමේ විශේෂ අවස්ථා නැරඹූ බවත්, ඔහුගේ පිතිකරණ තාක්ෂණය, පහරවල් තේරීම මෙන්ම දඟපන්දු යවන්නන්ට මුහුණ දීමේ හැකියාව පිළිබඳව තමා බෙහෙවින් පැහැදුණු බවත් අශ්වින් සිය ක්රිකට් විචාරාත්මක වැඩසටහන අතරතුර සඳහන් කළේය.
“ඔහු දඟපන්දුවට ඉතා විශිෂ්ට ලෙස මුහුණ දෙනවා. ලියම් ඩෝසන්ගේ පන්දුවලට පහර දෙමින්, ‘එක්ස්ට්රා කවර්’ කලාපයෙන් පහරවල් එල්ල කළ ආකාරය දෙස බලන්න,” යනුවෙන් අශ්වින් පැවසීය.
එමෙන්ම එංගලන්ත වේගපන්දු යවන ක්රීඩක ජේමි ඕවර්ටන්ගේ පන්දුවලට පවන් මුහුණ දුන් ආකාරය ගැන ද අශ්වින් අදහස් දැක්වීය.
“තරගයේ මුල් භාගයේදී ජේමි ඕවර්ටන් ‘පුල්’ පහරවල් එල්ල කිරීමට යාමේදී පන්දුව මඳක් උඩින් ගිය බව පෙනෙන්නට තිබුණා,” යැයි නිරීක්ෂණය කළ අශ්වින්, කෙසේ වෙතත් පවන්ගේ සමස්ත පිතිකරණ දක්ෂතාවය අගය කළ අතර ශ්රී ලංකාවෙන් නැගී එන පිතිකරණ දක්ෂතාවන් ඉතා උද්යෝගිමත් බව ප්රකාශ කළේය.
“මම ඔහුගේ ඉනිමේ විශේෂ අවස්ථා නැරඹුවා. හදිසියේම ශ්රී ලංකාවෙන් ඉතා උද්යෝගිමත්, දක්ෂ පිතිකරුවන් රැසක් බිහිවෙමින් පවතිනවා. එය ඔවුන්ට ඉතා හොඳ අනාගතයක් පෙන්නුම් කරන සලකුණක්,” අශ්වින් පැවසීය.
එංගලන්තය ලබාදුන් මෙම දැවැන්ත ලකුණු සංඛ්යාව ශ්රී ලංකාව මෙලෙස සාර්ථකව හඹා යනු ඇතැයි තමා කිසිසේත් නොසිතූ බවද හිටපු ඉන්දීය ක්රීඩකයා පිළිගත්තේය.
“ඇත්තෙන්ම, ශ්රී ලංකාව ඒ ඉලක්කය හඹා යයි කියලා කවුරුත් හිතුවේ නැහැ. මමත් ඒක කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ,” ඔහු පැවසීය.
ඕස්ට්රේලියාව වැනි රටවල් ස්ථාවර පිතිකරුවන් බිහි කිරීමේදී මුහුණ දෙන අභියෝග සමග ශ්රී ලංකාවේ මෙම නැගී එන පිතිකරණ දක්ෂතාවයන් සසඳමින් අශ්වින් මෙසේද සඳහන් කළේය:
“ඕස්ට්රේලියාවෙන් ප්රමාණවත් තරම් දක්ෂ පිතිකරුවන් බිහිවෙන්නේ නැහැ කියලා අපි කතා වෙන අතරතුරේදී, ශ්රී ලංකාවෙන් සොනාල් දිනූෂ, පවන් රත්නායක වගේ ක්රීඩකයින් එකපාරටම ඉදිරියට එමින් සිටිනවා.”
පළමු පෙළ තරගවලදී දක්වා ඇති ඉහළ දක්ෂතා සැලකිල්ලට ගනිමින්, පවන් රත්නායකට තවමත් ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ අවස්ථාවක් හිමි නොවූයේ මන්දැයි මෙහිදී ඉන්දීය හිටපු ප්රබල දඟපන්දු යවන්නා වැඩිදුරටත් ප්රශ්න කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart