
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුවේට් රාජ්යයේ අලි සබා අල්-සලීම් සහ අල්-නහ්දා යන ප්රදේශවලදී වෙනස් සිදුවීම් දෙකකින් ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මියයාමේ සිදුවීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම අවස්ථා දෙකම සැකකටයුතු මරණ ලෙස ලියාපදිංචි කර ඇත.
පළමු සිද්ධියේදී, අලි සබා අල්-සලීම් ප්රදේශයේ පිහිටි නිවසක ඉහළ මහලේ ගබඩා කාමරයක් තුළ, 1988 වසරේ උපත ලැබූ ශ්රී ලාංකික කාන්තාවක මියගොස් සිටින බව කුවේට් ජාතිකයකු විසින් වාර්තා කර ඇත.
අදාළ වාර්තාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව, අහ්මදි මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාලය වෙත මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, එහිදී මෙය සැකකටයුතු මරණයක් ලෙස ලියාපදිංචි කිරීමටත්, මෘතශරීරය අධිකරණ වෛද්ය දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටත් නියෝග කර තිබේ. එමෙන්ම කාන්තාවගේ මරණයට හේතු වූ පසුබිම පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.
වෙනත් සිදුවීමකදී, අල්-නහ්දා ප්රදේශයේදී මියගිය 1999 වසරේ උපත ලැබූ තවත් ශ්රී ලාංකික කාන්තාවකගේ මෘතශරීරය, මරණයට හේතුව සහ සිදුවීමට අදාළ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාලයේ උපදෙස් මත අධිකරණ වෛද්ය දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.
දෙවැනි සිදුවීම සම්බන්ධයෙන් හදිසි ඇමතුම් මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු වාර්තා කර ඇත්තේ 1989 වසරේ උපත ලැබූ කුවේට් ජාතිකයෙකු විසිනි. අදාළ විමර්ශන කටයුතු සහ අවශ්ය පරීක්ෂණ සිදු කිරීම සඳහා අධිකරණ වෛද්ය විශේෂඥයින්, වෛද්ය පරීක්ෂකයින් සහ විමර්ශන නිලධාරීන් යොදවා තිබේ.
මෙම මරණ දෙකටම අදාළ සියලු පසුබිම් තොරතුරු සහ හේතූන් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන කටයුතු දැනට ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart