
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Facebook සහ Instagram ඇතුළු ලොව ජනප්රියම සමාජ මාධ්ය ජාලාවල මව් සමාගම වන Meta සමාගමට ඇමරිකානු නිව් මෙක්සිකෝ දිස්ත්රික් අධිකරණය ඊයේ (21) ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක් නියම කර තිබේ.
ඒ, Meta සමාගම Facebook පරිශීලකයින් නොමග යවමින් ඔවුන්ගේ දත්ත අනවසරයෙන් බෙදාහැර ඇති බවට වූ නඩුවක තීන්දුව ප්රකාශයට පත්කරමිනි.
මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට මෙතෙක් අධිකරණයකින් පනවා ඇති ඉහළම දඩ මුදල මෙය බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
පරිශීලක දත්ත කිසිඳු විටෙක පරිශීලකයින්ගේ අවසරයකින් තොරව තෙවැනි පාර්ශවයන් සමග බෙදා නොගන්නා බවට වසර ගණනාවක සිට Meta සමාගමේ නිලධාරීන් විසින් කරන ලද ප්රකාශ උපුටා දක්වමින්, නිව් මෙක්සිකෝ ප්රාන්තයේ නීතිපති Meta සමාගමට එරෙහිව අදාළ නඩුව පවරා තිබිණි.
පරිශීලක දත්ත පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් Meta සමාගමේ වංකභාවය හේතුවෙන් නිව් මෙක්සිකෝ ප්රාන්තයේ මිලියන දෙකක් පමණ වූ සමස්ත ජනගහනය බලපෑමට ලක් වූ බව, නීතිඥයෝ අධිකරණය හමුවේ ප්රකාශ කළහ.
Meta සමාගම ගෙවන දඩ මුදල ප්රාන්තයේ දරුවන්ගේ අධ්යාපනය සඳහා යෙදවීමටද අධිකරණය නියෝග කර තිබේ.
2018 වසරේ බ්රිතාන්ය උපදේශන සමාගමක් වන කේම්බ්රිජ් ඇනලටිකා විසින් මැතිවරණ වෙළෙඳ දැන්වීම් සඳහා Facebook පරිශීලකයන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමද මෙම නිව් මෙක්සිකෝ නඩුව පැවරීමට හේතු වූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart