
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමුද්රීය මාර්ග ඔස්සේ මෙරටට ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ කිලෝග්රෑම් 137 ක බරින් යුත් ‘අයිස්’ (Crystal Methamphetamine) මත්ද්රව්ය තොගයක් තමිල්නාඩුවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට ඉන්දියානු බලධාරීන් සමත්ව තිබේ.
ඉන්දීය මුදල් අමාත්යාංශයට අනුව, ලද බුද්ධි තොරතුරකට අනුව ඔක්තෝබර් 16 සහ 17 යන දිනවල ක්රියාත්මක කළ මෙම මෙහෙයුමේදී ඉන්දියානු ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය විසින් නාගපට්ටිනම් දිස්ත්රික්කයේ වෙරළබඩ ගම්මානයක තිබී මෙම මත්ද්රව්ය තොගය සොයාගෙන ඇත.
මුහුද මැදදී වෙනත් යාත්රාවකට මාරු කරමින් ශ්රී ලංකාවට ප්රවාහනය කිරීමට මෙලෙස සූදානම් කර තිබූ මත්ද්රව්ය තොගයේ වෙළඳපොළ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 100 කට අධික බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
විශාල මත්ද්රව්ය තොගයක් ගබඩා කිරීම සහ පසුව ශ්රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා නාගපට්ටිනම් හි වෙරළබඩ ස්ථානයකට ප්රවාහනය කර ඇති බවට ලද පූර්ව බුද්ධි තොරතුරකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.
පරීක්ෂාව අතරතුර, කිලෝග්රෑම් 5 බැගින් වූ රිදී පැහැති කොළවලින් අසුරන ලද පාර්සල් 27 ක් අඩංගු බෑග 6 ක් සොයාගැනීමට නිලධාරීන් සමත් විය. එම පාර්සල්වල ඉහළ පිරිසිදුතාවයෙන් යුත් මත්ද්රව්ය ලෙස සැකකෙරෙන සුදු පැහැති ස්ඵටිකරූපී ද්රව්යයක් අඩංගු වී තිබිණි.
මේ අතරතුර, ජාවාරමේ ප්රධාන සංවිධායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයාට අයත් නිවසක සිදුකළ පරික්ෂාවකදී, මත්ද්රව්ය අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද සොයාගෙන ඇත. මීට අමතරව මත්ද්රව්ය ප්රවාහනයට යොදාගත් බවට සැකකෙරෙන රථවාහන දෙකක් සහ යතුරුපැදියක් ද බලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම මත්ද්රව්ය ජාවාරම් ජාලයට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු 1985 ඉන්දීය අන්තරායකර ඖෂධ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
වෙරළබඩ ජාවාරම, ප්රවාහනය, ගබඩා කිරීම සහ සැපයුම් කටයුතු සංවිධානය කිරීමට සම්බන්ධ ජාලයක් මෙම මෙහෙයුම ඔස්සේ අනාවරණය කරගත් බව ඉන්දීය මුදල් අමාත්යාංශය පවසයි.
මෙය මෑත කාලයේ තමිල්නාඩු වෙරළබඩ කලාපයෙන් සොයාගත් විශාලතම මත්ද්රව්ය තොගයක් වන අතර, අන්තර්ජාතික මත්ද්රව්ය ජාවාරම් සඳහා ඉන්දියානු වෙරළ තීරය යොදාගැනීම වැළැක්වීමට ගන්නා නිරන්තර උත්සාහය මෙයින් පෙන්නුම් කරන බව ද අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart