
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත 2027 වසර සඳහා LPG මෙට්‍රික් ටොන් 420,000ක ප්‍රමාණයක් සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited වෙත ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම කොන්ත්‍රාත්තුව 2027 ජනවාරි 01 වැනි දින සිට මාස 12ක කාලයක් ආවරණය වන අතර, අවම සහතික කළ සැපයුම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 336,000කි.
කැබිනට් තීරණයට අනුව, Saudi Aramco ගිවිසුම්ගත මිලට අමතරව මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 133.93 ක ස්ථාවර වාරිකයක් එකතු කරමින්, පිරිවැය, රක්ෂණය සහ නැව් ගාස්තු පදනම මත මෙම ගෑස් සැපයුම් කොන්ත්‍රාත්තුව ප්රදානය කරනු ලැබේ.
2027 වසර සඳහා LPG සැපයුම් ලබාගැනීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් අන්තර්ජාතික තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත.
තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ලංසු පරීක්ෂා කර ඇගයීමට ලක් කර තිබේ.
මෙම ඇගයීම්වලින් අනතුරුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart