
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බෙගමුව, රතබලාවැව ප්රදේශයේ කෙසෙල් සහ දොඩම් වගා කරන මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලා, එම වගාවන්හි තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා ගස් සොයා ගැනීමට හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ, රතබලාවැව ප්රදේශයේ අක්කරයක පමණ ඉඩමක කෙසෙල් වගාවක් අතර සඟවා උස අඩි පහමාරකට ආසන්න ගංජා ගස් 23,000කට වැඩි ප්රමාණයක් වගා කර ඇති බවයි.
එමෙන්ම ඊට ආසන්නව පිහිටි දොඩම් වගාවක් මැද අක්කර තුන්කාලක පමණ ප්රදේශයක තවත් ගංජා ගස් 17,000ක් පමණ ඉතා සූක්ෂම ලෙස වගා කර තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම වැටලීමේදී හම්බෙගමුව ප්රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇති අතර, සොයාගත් සියලුම ගංජා ගස් පොලිස් ආරක්ෂාව යටතේ ගිනි තබා විනාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart