October 13, 2026

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නියම කරන මෙන් අල්ලස් කොමිසම විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මේ බව දැනුම් දී තිබේ.