
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේදී විවෘත හෘද ශල්‍යකර්මයකට භාජනය වෙමින් පවතින බවට පළ වන වාර්තා වහාම තහවුරු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී, ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට පවසා ඇත්තේ, සිය සේවාදායිකාව බන්ධනාගාරය තුළදී හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍යකර්ම ඒකකය වෙත ඇතුළත් කර ඇති බවයි.
එමෙන්ම, මෙම නඩුව කැඳවන අවස්ථාවේදී ඇය විවෘත හෘද ශල්‍යකර්මයකට මුහුණ දෙමින් සිටින බවද නීතිඥවරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, නඩුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පවසා ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණද, ඇය ශල්‍යකර්මයකට භාජනය වන බවට බන්ධනාගාර බලධාරීන්ට කිසිදු නිල තොරතුරක් ලැබී නොමැති බවයි.
මෙම එකිනෙකට වෙනස් මත ඉදිරිපත් වීමත් සමඟ, විවෘත අධිකරණයේදී කරුණු දැක්වූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ශිරන්ති රාජපක්ෂ සැබවින්ම හෘද ශල්‍යකර්මයකට ලක්වන්නේද යන්න වහාම තහවුරු කර අධිකරණයට වාර්තා කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ ඇය කොළඹ ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බව පමණක් බවත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ශල්‍යකර්මයක් පිළිබඳ කිසිදු නිල විස්තරයක් එහි නොමැති බවද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබු අතර ඇගේ සෞඛ්‍ය තත්ත්වය සහ ශල්‍යකර්මය පිළිබඳ නිල තොරතුරු තහවුරු කළ වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් අද දින පස්වරු 2 දක්වා නඩුව කල් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart