
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශයේදී සිදුවූ හමුදා පුහුණු ගුවන් යානා අනතුරකින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.
බලුකිස්ථානයේ නවාන් කිලී නගරය ආසන්නයේදී ‘PAC MFI-17 Mushshak’ වර්ගයේ මෙම පුහුණු ගුවන් යානය කඩා වැටීමට හේතුව තාක්ෂණික දෝෂයක් බව පවසන හමුදාව, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
අනතුරින් මියගිය නියමුවන්ගේ පවුල්වලට ජනාධිපති අසීෆ් අලි සර්දාරි සහ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සිය ශෝකය පළ කරති.
පාකිස්තානය තුළ හමුදා පුහුණු මෙහෙයුම් අතරතුර මෙවැනි ගුවන් යානා අනතුරු සිදුවීම සාපේක්ෂව නිතර දක්නට ලැබෙන අතර, එම අනතුරුවලට හේතු පිළිබඳ තොරතුරු හෝ පරීක්ෂණ වාර්තා බලධාරීන් විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන්නේ කලාතුරකිනි. පසුගිය ජූනි මාසයේදීද පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ සාමාන්‍ය පුහුණු පියාසර අනතුරකින් ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart