October 12, 2026

වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මෙම නව පියවර පිළිබඳව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න අනාවරණය කර ඇත.

මේ අතර තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා විසින් අද දින ප්‍රතික්ෂේප කරනු ලැබීය.