October 12, 2026

‘සිරිලිය සවිය’ අරමුදල් ගිණුමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය 06 වැනි දින මෙම අයැදුම්පත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද දින (12) අධිකරණය හමුවේ පෙනීසිටීමින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබිණි.