October 12, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ ඇතිවු හෘද රෝගී තත්ත්වයක් නිසා කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාර්තා සඳහන් කරයි.

පසුගිය දින කීපයේම වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට ලක්වු මහින්ද රාජපක්ෂ අද දින ශිරාන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට යෑමට සැලසුම් කර තිබූ බවත් දැනගන්නට තිබේ.

මේ වන විට ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් මහින්ද රාජපක්ෂට ප්‍රතිකාර කරමින් සිටිනබවද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.