
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව සිය බලය භාවිත කර ක්රීඩා ආයතන දේශපාලනීකරණය කිරීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්රීවරයා පෙන්වා දුන්නේ ක්රිකට් ක්රීඩාව වුවද මලල ක්රීඩාව වුව ද ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බවයි.
එමෙන්ම එම අංශ සඳහා අවශ්ය තීන්දු තීරණ සඳහා එළඹෙන බලතල සහිත පුද්ගලයින් එම අංශ පිළිබඳ මනා අවබෝධයක් සහ යම් පරිණතභාවයක් තිබෙන පුද්ගලයින් වීමේ රටක ක්රීඩාවේ දියුණුවට සහ උන්නතියට වැදගත් බව ද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම විදෙස් සංචාරවලදී ක්රීඩක ක්රීඩිකාවන් වැඩි පිරිසක් ඒ වෙනුවෙන් යොමු කළ යුතු බවත්, නිලධාරීන් පිටරට යැවීම සීමාසහිත වීම සඳහා අත්යවශ්ය පිරිස් පමණක් එම සංචාර සඳහා යොමු කිරීම වියදම් පාලනයට මෙන්ම අපේක්ෂිත ඉලක්ක වෙත ගමන් කිරීමේදී වැදගත් බවත් ඔහු ප්රකාශ කළේය.
එමෙන්ම මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ක්රීඩා යටිතල පහසුකම්වල පවතින දුර්වලතා නිවැරදි කිරීම ක්රීඩාවේ දියුණුව උදෙසා අතිශය වැදගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart