October 11, 2026

රටේ ආර්ථිකය සහ රට හමුවේ ආර්ථිකමය වශයෙන් පවතින අභියෝග පිලිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ ප්‍රධානතම ගැටළුව වී ඇත්තේ ඩොලර් සංචිතයක් නිර්මාණය කර ගැනීමේ වැඩපිළිවෙළක් නොමැති වීම බවයි.

එමෙන්ම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඊට අමතරව ආර්ථික වර්ධන වේගය අඩාලවීම, ප්‍රාග්ධන වියදම් ප්‍රමාණවත් නොවීම මෙන්ම රුපියලේ අස්ථාවරත්වය රට හමුවේ ආර්ථිකමය වශයෙන් පවතින ප්‍රධාන ගැටලු බව ද ඔහු පැහැදිලි කළේය.

කෙසේවෙතත් මෙම ගැටලු වත්මන් ආණ්ඩුව හමුවේ පමණක් පවතින අභියෝග නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, ස්වාධීන බලතල සහිත මහ බැංකුවක් පවතින රටක් තුළ එම ආයතනය මෙම ගැටලු සඳහා පිළිතුරු ලබාදෙන්නේ කෙසේද යන්න වැදගත් බව ද පෙන්වා දුන්නේය.