October 11, 2026

ප්‍රසිද්ධ රැලියකදී කරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට මුහුණ දීමේ අවදානමක පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මෙරට නව චීන තනාපති ලෙස පත් වූ වේයි හුවාෂියාන් අගහරුවාදා හමුවිය.

මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික හා චිරස්ථායී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුපුන් අනුරුද්ධ ජයසිංහ ද මෙම හමුවට එක්ව සිටියේය.