
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල දුම්රිය ධාවනය හේතුවෙන් වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීමේ සංශෝධිත පියවර ඇතුළත් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලවා ඉදිරිපත් කරවන ලෙස අභියාචනාධිකරණය මගින් වනජීවී වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියට මැන්ඩමස් ආඥාවක් නිකුත් කර තිබේ.
ෆ්‍රෑන්ක් ගුණවර්ධන විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තීන්දුව මගින් සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සහ ජාතික පාරිසරික පනත යටතේ නියෝග කිහිපයක්ම නිකුත් කර ඇත.
ඒ අනුව ජාතික වන රක්ෂිත සඳහා කළමනාකරණ සැලැස්මක් සකස් කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති අතර, වගඋත්තරකරුවන් ඒ පිළිබඳව වරින් වර අධිකරණයට වාර්තා කළ යුතුය.
එසේම, නීතිපතිවරයාගේ නියෝජිතයෙකු, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ අලි-ඇතුන් පිළිබඳ විශේෂඥයින් ඇතුළත් අන්තර්වාර කමිටුවක් පත් කිරීමට ද අධිකරණය නියෝග කළේය. මෙම කමිටුවේ වගකීම වන්නේ වන අලි දුම්රියේ ගැටීමෙන් අනතුරු සිදුවීමේ වැඩි අවදානමක් සහිත දුම්රිය මාර්ග කොටස් හඳුනාගෙන, වේග සීමා සහිත වේගය අඩු කිරීමේ කලාප ස්ථාපනය කිරීම සඳහා හදිසි රාමුවක් සකස් කිරීමයි.
වනඅලි ගමන් කරන මාර්ගවල පවා අධික වේගයෙන් සහ ප්‍රවේශම් රහිතව දුම්රිය ධාවනය කරමින් අලින් ඝාතනය කරන හෝ තුවාල සිදු කරන දුම්රිය එන්ජින් රියදුරන්ට එරෙහිව සුදුසු විනය පියවර ගැනීමටත්, නීතිමය පියවර ගැනීමට නිර්දේශ කිරීමටත් මෙම කමිටුවට බලතල හිමිවේ. මීට අමතරව වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කරගැනීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමටත්, තාක්ෂණික හා තාක්ෂණික නොවන නිවාරණ පියවර අනුගමනය කිරීමටත් අධිකරණය නියෝග කර ඇත.
2025 අප්‍රේල් 25 වන දින මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ‘මීනගයා’ දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් වන අලි හයදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් අලි රැසකට තදබල තුවාල සිදුවීමේ සිද්ධිය පදනම් කරගනිමින්, පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය විසින් මෙම මහජන පෙත්සම ගොනු කර තිබිණි.
සතෙකුට අධිකරණයක් හමුවේ තමන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිය හැකිද යන්න පිළිබඳව තවමත් ප්‍රශ්නයක් පවතින බව පිළිගත් විනිසුරු මඬුල්ල, කෙසේ වෙතත් ඇතැම් විදේශීය අධිකරණ බලප්‍රදේශයන්හි, සතුන්ට අධිකරණයක් හමුවේ පෙනී සිට පැමිණිලි කිරීමට නොහැකි වුවද, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් පිළිගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart