
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන් හිටපු මැති ඇමති බිරින්දෑවරුන් දරුවන් සහ ඥාතීන් ඇතුළු තවත් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ඉරිදා ලංකාදීප’ය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ඉදිරියේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙක් පවසා ඇත. මේ පිරිස විදේශගත වීම වැළැක්වීම සඳහාද ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වේ.
මින් වැඩි පිරිසක් තමන් සතු බව පෙන්වූ වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා 226 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 55 දෙනකුම දේශපාලනඥයන් බව ආරංචි මාර්ග පවසයි.
අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු අමාත්‍යවරුන් 16 දෙනකු, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනකු, හිටපු මහඇමැතිවරයකු, හිටපු අමාත්‍ය බිරින්දෑවරුන් හතරදෙනකු, හිටපු අමාත්‍යවරුන්ගේ දරුවන් හත්දෙනකු, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් හයදෙනෙකු සිටින බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart