
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්රදේශයේදී මෙට්රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාර්ග අංක 120 ‘හොරණ – කොළඹ’ සුඛෝභෝගී බස් රථයක රියදුරෙකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, කහතුඩුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්රෝ බස් රථය පසුපසින් පැමිණි අදාළ සුඛෝභෝගී බස් රථය, කැස්බෑව හන්දියේ සිටම ප්රධාන ලාම්පු දල්වමින්, නලාව ශබ්ද කරමින් සහ අනාරක්ෂිත ලෙස ඉස්සර කිරීමට උත්සාහ කර ඇත.
පසුව මිරිස්වත්ත ප්රදේශයේදී මෙට්රෝ බස් රථය ඉස්සර කළ සුඛෝභෝගී බස් රථය, එහි පිටුපස කොටස මෙට්රෝ බස් රථයේ ඉදිරිපස දකුණු මුල්ලේ වදින සේ හිතාමතාම කපා අනතුර සිදුකර තිබේ.
මෙම හිතාමතා කළ අනතුර හේතුවෙන් මෙට්රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් පිහිටි වීදුරුව සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇත. එමගින් සිදුවූ සමස්ත අලාභය රුපියල් 342,000ක් ලෙස තීරණය කර ඇති අතර, අනතුර සිදුකළ ආකාරය අසල පිහිටි CCTV කැමරාවක පැහැදිලිව සටහන් වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, පොකුණුවිට ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පොදු දේපළ පනත යටතේ අද (10) කැස්බෑව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පිළියන්දල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart