October 10, 2026

කොළඹ වරාය නගරයේ සේවක නවාතැන්පොළක් අසලදී සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අදාළ තැනැත්තා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසයි.

පිරිස් දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම තියුණු ආයුධ ප්‍රහාරය සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.