
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සීබ්රා දෙනකගේ ආහාර ජීරණ පද්ධතියේ ඇති වී තිබෙන බාධාවක් සඳහා මේ වන විට ප්‍රතිකාර ලබාදෙමින් පවතින අතර, ඖෂධීය ප්‍රතිකාර මගින් සුවයක් නොලැබීම හේතුවෙන් පශු වෛද්‍ය විශේෂඥයන් විසින් ශල්‍යකර්මයක් සිදුකිරීමට නිර්දේශ කර ඇත.
සත්වෝද්‍යානයේ සිටින සීබ්රා දෙනුන් දෙදෙනාගෙන් එක් අයකු වන මෙම සත්වයා 2026 සැප්තැම්බර් 29 වන දින සිට රෝගී ලක්ෂණ පෙන්නුම් කර තිබේ.
පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් ඇගේ ආහාර ජීරණ පද්ධතියේ අවහිරතාවයක් ඇති බව අනාවරණය වී ඇති අතර, සත්වෝද්‍යාන පශු වෛද්‍ය කණ්ඩායම විසින් සත්වයාට ප්‍රතිකාර ලබාදෙන ලදී.
කෙසේවෙතත්, ඇගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්නොවීම හේතුවෙන්, සත්වෝද්‍යාන බලධාරීන් විසින් ඔක්තෝබර් 08 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අශ්ව විශේෂඥ්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ධම්මික පෙරේරාගේ සහාය පතා ඇත.
වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව, ඖෂධීය ප්‍රතිකාර මගින් පමණක් මෙම අවහිරතාවය යථාතත්ත්වයට පත්කළ නොහැකි බැවින්, අදාළ විශේෂඥ උපදෙස් මත පශු වෛද්‍ය කණ්ඩායම විසින් ශල්‍යකර්මයක් මගින් එය ඉවත් කිරීමට නිර්දේශ කර තිබේ.
විශේෂඥ පශු වෛද්‍යවරයාගේ සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 09 වැනි දින සවස මෙම ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතව තිබිණි.
විශේෂඥ උපදෙස් මත සත්වයාට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
සීබ්රා දෙනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉදිරි යාවත්කාලීන කිරීම් අවශ්‍ය පරිදි ලබා දෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart