
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2009 වසරේ ටෙක්සාස්හි ෆෝට් හුඩ් හමුදා කඳවුරේදී පුද්ගලයින් 13 දෙනකු වෙඩිතබා ඝාතනය කර තවත් 32 දෙනෙකුට තුවාල සිදුකළ, ඇමෙරිකානු හමුදා මානසික වෛද්‍යවරයෙකු වූ නිඩාල් හසන්ගේ මරණ දඬුවම ලබන දෙසැම්බර් 3 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකානු හමුදාව විසින් වෙඩිතබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය වන අතර, එය සජීවීව විකාශය (Livestream) කිරීමට පෙන්ටගනය තීරණය කර ඇත.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ, මෙවැනි බරපතල අපරාධ සඳහා වන ප්‍රබල විපාක පිළිබඳව සමාජයට පණිවුඩයක් දීම සඳහා මෙම දඬුවම මහජනතාවට නැරඹිය හැකි පරිදි ප්‍රසිද්ධියේ සිදු කරන බවයි.
කෙසේවෙතත්, මෙම තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් දැඩි ලෙස හෙළාදැක තිබේ.
මරණ දඬුවමක් සජීවීව විකාශය කිරීම ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබාදීමට සමාන වන අතර, එය වධහිංසාවට එරෙහි අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම අමානුෂික සහ අවමාන සහගත දඬුවම් ක්‍රමයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
වසර 65කට පසු ඇමෙරිකානු හමුදාවක් මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රථම මරණ දඬුවම සහ එය සජීවීව විකාශය කිරීමේ තීරණය මේ වන විට අන්තර්ජාතික වශයෙන් දැඩි කතාබහට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart