
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙන්නප්පුව ශාන්ත අන්තෝනි මාවතේ නිවසක පදිංචිව සිටින යුවලක් සිය නිවස ඉදිරිපිටින් 2026 මාර්තු මස 08 වන දින උදෑසන ඇසුණු විලාපය කුමක්ද බැලීමට යුහුසුළුව මාර්ගය වෙත දිවගියහ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් පෙරළී තරුණියක් එයට යටවී සිටියාය. පුද්ගලයෙකු යතුරුපැදියක් තල්ලුකරමින් එම ස්ථානයෙන් පළායමින් සිටියේය.
සිදුවී ඇති දෙය ඇසිල්ලෙන් වටහාගත් ඔවුන් දෙදෙනා අතරින් කාන්තාව වැටී සිටි තරුණිය තුවාල ලබා ඇත්දැයි විමසා බලන විට ඇයගේ ස්වාමියා මෙවැනි මෙහොතක තමන් සතු සමාජ වගකීම පිළිබඳව දෙවරක් නොසිතා පලායන සැකකරු පසුපස දිවයන්නේ ඔහුට හැකි උපරිම වේගයෙනි.
රන් මාල කොල්ලය සිදුවූ ස්ථානයට පෙනෙන දුරදී කොල්ලකරු අල්ලාගත් ඔහු ප්‍රදේශවාසීන්ද සමඟ සැකකරු රඳවාගෙන වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළේය.
වින්දිත තරුණියට එදින රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වන රන් මාළය බේරාදීමට ක්‍රියාකළ සඳරුවන් රාජපක්ෂ නම් ඒ් නිර්භීත තරුණයාටත් ඔහුගේ බිරිඳටත් හිමි නිසි ඇගයීම ලබාදෙමින් හලාවත පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා විසින් 2026.10.09 වන දින වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී ශ්‍රී ලංකා පොලිසියෙන් ලබාදෙන රුපියල් ලක්ෂයකට අධික ත්‍යාග මුදලක් ඔවුන් දෙදෙනා වෙත පිරිනමන ලදී.
මුදල් ත්‍යාග පිරිනැමූ අවස්ථාව සඳහා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී ඒ්.සී පුල්වංශ සහ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ අතුකෝරළ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.
(ශ්‍රී ලංකා පොලිසියේ Facbook පිටුවෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart