
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතා දුර පිහිටි මන්දාකිණියකින් නිකුත් වූ අතිවිශාල ශක්තියකින් යුත් මිලි තත්පරයක කාලයක් පවතින තරංග විමෝචනයක් පිළිබඳ පුවතක් විදෙස් ජනාමධ්‍ය වාර්තා කර තිබේ.
‘FRB 20240304B’ ලෙස නම් කර ඇති එම ආලෝක විහිදීම, වසර බිලියන 10කට පසුව පෘථිවියට ළඟා වූ මොහොත ‘Science’ සඟරාවේ අද පළ වූ අධ්‍යයනයකින් වාර්තා කෙරේ.
සිඩ්නි විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥවරියක සහ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන මනීෂා කැලෙබ් පැවසුවේ, තාරකා විද්‍යාඥයින්ට පවා මෙම කාල පරාසය අතිශය විශ්මයජනක එකක් බවයි.
“මෙය මිනිස් දෘෂ්ටිකෝණයෙන් බලනවා නම්, එම ආලෝකය එහි මූලාශ්‍රයෙන් පිටවන විට සූර්යයා හෝ සෞරග්‍රහ මණ්ඩලය හෝ මිනිසුන් හෝ කිසිවෙකුත් පැවතියේ නැහැ,” යනුවෙන් ආචාර්ය කැලෙබ් පැවසුවාය.
“පසුව ශිෂ්ටාචාරය බිහි විය, අපි රේඩියෝ දුරේක්ෂ නිර්මාණය කළෙමු, ඉන්පසු අහසේ නිවැරදි කොටස දෙස නිවැරදි මොහොතේ බැලීමට අපට හැකි විය.”
‘වේගවත් තරංග විමෝචනයක්’ ලෙස හැඳින්වෙන මෙම අභිරහස් ශක්ති විමෝචනය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම විමෝචනය වන අතර, විශ්වය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාඥයින්ට එය උපකාරී විය හැකිය.
මෙම පර්යේෂණයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥ තේමිය නානායක්කාර ද මෙම විශේෂ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබීමයි.
ඔස්ට්‍රේලියානු JWST දත්ත මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ඔහු, දකුණු ආසියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල තාරකා විද්‍යා සිසුන් දිරිමත් කිරීම සඳහා ගෝලීය මට්ටමින් උපදෙස් හා පුහුණු වැඩමුළු පවත්වනු ලබයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart