
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ අල්ලස් චෝදනාවක් මත වැල්ලවාය අඩවි වන කාර්යාලයේ (බුත්තල බිට්ටු වන කාර්යාලය) සේවය කළ ක්ෂේත්ර සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරු විසින් හේන් වගාකරන දේවාලමුල්ල ප්රදේශයේ පිහිටි අක්කර තුනක පමණ රජයේ ඉඩමේ නීතිවිරෝධී ලෙස ගස් කපා දැමීම සම්බන්ධයෙන් නඩු නොපවරා, දිගටම එම ඉඩමේ හේන් වගා කටයුතු කරගෙන යෑමට අවස්ථාව සැලසීම සඳහා සැකකරු අවස්ථා කිහිපයකදීම මුදල් ලබාගෙන ඇත.
පසුව නැවත එම කටයුතු සඳහා මාසිකව රුපියල් 10,000 බැගින් ඉල්ලා ඇති අතර, 2026 ඔක්තෝබර් මාසය වෙනුවෙන් අදාළ රුපියල් 10,000ක මුදල ඉල්ලා ලබාගැනීමේදී ඊයේ (2026.10.08) පස්වරු 7.39ට පමණ බුත්තල බස් නැවතුම්පොළේදී මොහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හේවා ලුණුවිලගේ සනත් කුමාර නමැති අයෙකි.
සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart