October 9, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ පිහිටි ජාතික අක්ෂි රෝහල වෙත රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර තිබිණි.

එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත අද දිනයේදී මෙලෙස ඇය ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.