
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙට්‍රෝ බස් සේවාවට වසරක් ඇතුළත පෞද්ගලික අංශයට ද සහභාගී වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම, මෙට්‍රෝ බස් රථවලට හානි කරන පුද්ගලයන්ට පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධ නීති යටතේ දැඩි නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
මේ වනවිට මෙට්‍රෝ බස් රථ 100කට වැඩි සංඛ්‍යාවක් ධාවනයේ යෙදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් අතිබහුතරයක් එම සේවාවට කිසිදු බාධාවක් සිදුකර නොමැති බව ද පැවසීය. මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ බස් රථ කිහිපයක් සම්බන්ධයෙන් පමණක් බව ද ඔහු පෙන්වාදුන්නේය.
මෙම ගැටලුව සියලුම පෞද්ගලික බස් රථ හිමියන්ට අදාළ නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙට්‍රෝ බස් සේවාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් එම සේවාවට අනුගතව මෙහෙයුම් සිදුකරන ලෙස පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart