
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සෞඛ්‍ය පද්ධතියට සහාය වීම සඳහා ඉන්දියාව විසින් ක්ෂය රෝග නාශක ඖෂධ ටොන් 3ක් පරිත්‍යාග කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් X පණිවුඩයක් තබමින් මෙම ඖෂධ තොගය පිටත් කර හැරි බව නිවේදනය කළ අතර, අසල්වැසි ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව දක්වන කැපවීම ද එහිදී නැවත අවධාරණය කළේය.
“ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දියාව නිරන්තරයෙන් කැපවී සිටිනවා. ඒ අනුව ක්ෂය රෝග නාශක ඖෂධ ටොන් 3ක් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C130J ගුවන් යානයකින් අද දින කොළඹට එවන ලදී,” යනුවෙන් ඔහු සටහන් කර තිබුණි.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සාමාජික රටවල්, ක්ෂය රෝගයට එරෙහි සටනේ පවතින අඩුපාඩු පියවීම සඳහා වඩාත් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට පසුගියදා එකඟතාව පළ කළේය.
මුල් අවධියේදීම රෝගය හඳුනා ගැනීම, වැළැක්වීමේ සහ ප්‍රතිකාර කිරීමේ පහසුකම් ව්‍යාප්ත කිරීම, රෝගීන්ගේ පවුල්වලට මූල්‍යමය ආරක්ෂාව සැලසීම සහ නව ක්ෂය රෝග එන්නත් සඳහා සූදානම් වීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයේදී මෙම තීරණයට එළඹිණි.
2024 වසරේදී ගෝලීය වශයෙන් වාර්තා වූ නව ක්ෂය රෝගීන්ගෙන් සියයට 34ක්ම (ආසන්න වශයෙන් මිලියන 3.68ක රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ 433,000ක්) වාර්තා වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපයෙනි. තවද, ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 150,000ක් පමණ මෙම කලාපයෙන් හඳුනාගෙන ඇති අතර, එය ලෝක ව්‍යාප්ත ප්‍රතිශතයෙන් සියයට 38කටත් වඩා වැඩි අගයකි.
දිනපතා සිදුකෙරෙන සෞඛ්‍ය සේවාවන්, ක්රමානුකූල පරීක්ෂණ සහ අවදානම් සහිත ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් සිදුකරන පරීක්ෂණ මගින් රෝගීන් කල්තියා හඳුනාගැනීම ශක්තිමත් කිරීමට කලාපයේ රටවල් මෙහිදී එකඟ විය. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත අණුක පරීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂණය ඇතුළු කඩිනම් රෝග විනිශ්චය ක්‍රමවේද බහුලව භාවිත කිරීමට ද තීරණය කෙරිණි.
මීට අමතරව, ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගීන් සඳහා ගුණාත්මක ප්‍රතිකාර ලබාදීම, පෝෂණ හා ප්‍රජා පාදක සහයෝගය වැඩිදියුණු කිරීම සහ සමාජීය, මූල්‍යමය හෝ භූගෝලීය බාධක මෙන්ම රෝගය සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු කරමින් රෝගී සත්කාරය වඩාත් ජනතාවදී මුහුණුවරකින් පවත්වාගෙන යාමට ද සාමාජික රටවල් වැඩිදුරටත් එකඟතාව පළ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart