October 8, 2026

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නිල වශයෙන් රඳවා ගැනීමේ ස්ථානයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රකාශයට පත්කිරීම 2026 ඔක්තෝබර් 06 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2509/11 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සිදුකර තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9 වැනි වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පරිශ්‍රය පනතේ කාර්යයන් සඳහා රඳවා ගැනීමේ ස්ථානයක් ලෙස ජනාධිපතිවරයා විසින් නම්කර ඇත.

මෙලෙස නම් කරන ලද රඳවාගැනීමේ මධ්‍යස්ථානය කොළඹ 05 පිහිටි කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ 7 වැනි මහලේ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පිහිටා තිබේ.

මෙම ගැසට් නිවේදනය සඳහා ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් 2026 සැප්තැම්බර් 17 වන දින අත්සන් තබා ඇත.