
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන ලියොනෙල් මෙසී, බුවනෝස් අයිරිස් නුවරදී ක්‍රීඩාලෝලීන්ගේ දැඩි හැඟීම්බර සමුගැනීමක් මධ්‍යයේ සිය වසර 21ක අන්තර්ජාතික පාපන්දු දිවියට නිල වශයෙන් සමු දුන්නේය.
The Last Tango ලෙස නම් කර තිබූ මෙම ඓතිහාසික අවස්ථාවට ක්‍රීඩාලෝලීන් 85,000ක් පමණ එක්ව සිටි බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
බෙනින් කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක ජයක් ලැබූ මෙම තරගයේදී 39 හැවිරිදි මෙසී සිය 126 වැනි අන්තර්ජාතික ගෝලය වාර්තා කරමින් සමුගැනීම අර්ථවත් කළේය.
වාර්තාගත ලෙස සිය 208 වැනි අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළ ඔහු, ප්‍රථම ගෝලය සඳහා ද සහය ලබා දී ඇත.
තරගයේ 71 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරකින් ගෝලයක් ලබා ගනිමින් ඔහු ක්‍රීඩාංගණය ප්‍රීති ඝෝෂාවෙන් පිනවා ගියේය.
ක්‍රීඩාංගණයට පැමිණෙන අතරතුර මග දෙපස රැස්ව සිටි රසිකයන් පිරිස දකිමින් ඔහු කඳුළු පිසදාගත් අතර, සිය දරුවන් සමඟ පිටියට පිවිසි මෙසීට ඔහුගේ බිරිය සහ මව ආදරයෙන් අතවනමින් සුබ පතනු දක්නට ලැබිණි.
තරගය ආරම්භ වීමට පෙර, ඔහුගේ 10 වැනි අංකය සහිත දැවැන්ත ජර්සියක් ක්‍රීඩා පිටියේ දිග හරින ලද අතර, ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදීද ඔහු යළි කඳුළු සැලුවේය.
තරගයේ 10 වැනි මිනිත්තුවේදී ක්‍රීඩකයෝ සහ ප්‍රේක්ෂකයෝ නැගී සිට ඔහුට උත්තමාචාර දක්වන ලද අතර තරගය නිමාවට පත්වීමත් සමඟ අහස ආලෝකමත් කරමින් පැවැති ඩ්‍රෝන සංදර්ශනයකින් මෙම අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාට ස්තුතිය පුද කෙරිණි.
“මම මගේ උපරිමය දුන්නා, මට දැන් දෙන්න ඉතිරි වෙලා කිසිම දෙයක් නැහැ,” යනුවෙන් සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart