October 7, 2026

රුපියල් ලක්ෂ 12 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසමට අනුව, සැකකාර සහකාර අධිකාරීවරයා ඊයේ පස්වරුවේ ඔහුගේ කාර්යාලය තුළදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවකුගෙන්, බන්ධනාගාර ජේලර්වරයකු හරහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය