
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකාර ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක පිහියකින් කපා කොටා ඝාතනය කළ බව කියන සමීප සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයකු යාපනය ප්‍රදේශයේදී දුම්රියක ගැටී මියගිය බව යාපනය මූලස්ථාන පොලීසිය පවසයි.
සැකකරු එල්ල කළ පිහි පහරවලින් මියගිය කථිකාචාර්ය වරියගේ මව ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි ඇන් ලක්ෂා නැමැති 32 හැවිරිදි එක් දරු මවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිධාරිනියක වන අතර ඇය ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිට ඇති බව පොලීසිය කියයි.
එමෙන්ම ඇය මහනුවර විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා හා උපදේශන ඩිප්ලෝමාධාරිනියක ද බව පොලිසිය කියයි.
මියගිය කාන්තාව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකාර ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද කටයුතු කර ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
මියගිය කාන්තාවට අවුරුදු 10ක දියණියක සිටින අතර එම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා වසර කිහිපයකට පෙර මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගිය කාන්තාව සැකකාර පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරතුර විදේශ රටක සිටින පුද්ගලයකු සමග ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව එම සම්බන්ධතාව නවතා වෙනත් පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු සහ කාන්තාව අතර ඇති වූ ආරවුල් මත සැකකරු පිහියක්ද සගවාගෙන බාහිර කථිකාචාර්යවරියගේ නිවසට රාත්‍රී පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.
දේහ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නියමිතව තිබිණි.
(උපුටාගැනීම – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart