
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහරගම ප්‍රදේශයේදී රුපියල් මිලියන 1.5ක් පමණ වටිනා ආරක්ෂිත මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පවසයි.
මහරගම ප්‍රදේශයේ සිදුකෙරෙන මුහුදු බෙල්ලන් ජාවාරමක් පිළිබඳව හොරගොල්ල ජාතික උද්‍යාන මූලස්ථානයට ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
මෙම මෙහෙයුමේදී මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ළඟ තිබී ආරක්ෂිත විශේෂ 18 කට අයත් මුහුදු බෙල්ලන් කවච තොගයක් සොයාගෙන තිබේ.
මෙම මුහුදු බෙල්ලන් තොගය රුපියල් මිලියන 1.5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව අනාවරණ වී ඇති අතර
සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ආරක්ෂිත මුහුදු බෙල්ලන් ළඟ තබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ. ආරක්ෂිත සාගර ජීවීන් නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදමින් සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart