
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තානයේ දැරියන් පැහැර ගැනීම්, බලහත්කාරයෙන් ආගම් මාරුකිරීම් සහ ළමා විවාහවලින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවන් තිදෙනෙක් පකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
පවතින නීති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම්, එම නීතිවලින් කිසිදු ඵලක් නොවන බවටද ඔවුහු අනතුරු අඟවති.
ජිනීවා හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ හමුවකදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. මෙහිදී ක්‍රිස්තියානි දැරියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා, මුස්ලිම් ජාතිකයන්ට විවාහ කර දීමේ සිද්ධීන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.
මෙම හමුවේදී වින්දිත පවුල්වල සාක්ෂි ඉදිරිපත් කෙරුණු අතර, 2025 ජූලි මාසයේදී තම නිවසින් අතුරුදහන් වූ 13 හැවිරිදි මාරියා ෂහ්බාස් නමැති ක්‍රිස්තියානි දැරියගේ මවගේ ප්‍රකාශයද ඊට ඇතුළත් විය. මාරියා පසුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමා ස්වේච්ඡාවෙන් ආගම වෙනස් කර 30 හැවිරිදි ෂෙහ්රියාර් අහමඩ් නමැති පුද්ගලයා සමඟ විවාහ වූ බවයි.
මෙම හමුව සඳහා සුළුතරයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර මහාචාර්ය නිකොලස් ලෙව්රාට්, කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරී රීම් අල්සලෙම් සහ නූතන වහල්භාවය පිළිබඳ අලුතින් පත් වූ විශේෂ වාර්තාකරු ආචාර්ය කතරිනා ෂ්වාස් සහභාගී වූහ.
එහිදී මහාචාර්ය ලෙව්රාට් පෙන්වා දුන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, බලහත්කාරයෙන් ආගම් මාරුකිරීම් සහ ළමා විවාහවලින් ළමයින් ආරක්ෂා කිරීමට පකිස්තානය බැඳී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart