October 6, 2026

ගවයන් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනකු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන, කැකිරාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සෙබළෙකු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් අනෙකුත් සැකකරුවන් අවුරුදු 25 සහ 37 අතර වයස් කාණ්ඩවල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

හඳගල ප්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ ගැටගසා සිටි රුපියල් මිලියන 1.5 කට අධික වටිනාකමකින් යුත් කිරි ගවයන් තිදෙනකු මොවුන් විසින් සොරකම් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කැකිරාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.