
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව අලුත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් සමාගම විසින් ලබාදෙන ලද රුපියල් මිලියන 70ක මුදල ලංකා ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනයේ බැංකු ගිණුමට බැර වී නොමැති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අයට එරෙහිව පවතින මෙම නඩුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා අමා විජේසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සම්පත් බැංකුවේ පවත්වාගෙන යනු ලබන ලංකා ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනයේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී ක්‍රිෂ් සමාගම ලබාදුන් රුපියල් මිලියන 70ක මුදල ඊට තැන්පත් කර නොමැති බව විමර්ශකයන්ට අනාවරණය වූ බවයි.
එමෙන්ම, ලංකා ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනය නාමල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ස්ථාපිත කර ඇති අතර, එහි සභාපතිවරයා ලෙස ව්‍යාපාරික නිමල් පෙරේරා කටයුතු කර ඇති බවත් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේවෙතත් නාමල් රාජපක්ෂ එම ආයතනයේ කිසිදු නිල තනතුරක් දරා නොමැති බවද සඳහන් විය.
මෙයට අමතරව, කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය සඳහා ක්‍රිෂ් සමාගම අනුග්‍රාහකත්වය දැක්වූ බවට කිසිදු සාක්ෂියක් විමර්ශනවලදී හමු වී නොමැති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.
2012 සැප්තැම්බර් මාසයේදී නිමල් පෙරේරා වෙත සිදුකරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් සමාගමේ ගණකාධිකාරීවරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද අධිකරණයට වාර්තා කර තිබේ. අදාළ ගණකාධිකාරීවරයාගේ ප්‍රකාශයට අනුව, මෙම ගනුදෙනුව සමාගමේ සාමාන්‍ය පටිපාටියෙන් පරිබාහිරව සිදුවූවක් වුවද, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත එය ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම, නිමල් පෙරේරා ක්‍රිෂ් සමාගම වෙත කිසිදු සේවාවක් සපයා නොමැති පසුබිමක අදාළ මුදල ඔහුගේ ගිණුමට බැර කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
මෙම නඩු විභාගයේදී අනාවරණය වූ අනෙක් කරුණ වූයේ, එම මුදල් ලබාදීම සම්බන්ධයෙන් ස්තූති කරමින් 2012 දෙසැම්බර් 15 වන දින නාමල් රාජපක්ෂ විසින් ක්‍රිෂ් සමාගම වෙත යවන ලදැයි කියන ලිපියක් පිළිබඳවයි.
අදාළ මුදල් රග්බි ක්‍රීඩාව සඳහා යොදවා නොමැති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බව ප්‍රකාශ කළ අල්ලස් කොමිසම, මෙම ලිපිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව නාමල් රාජපක්ෂගේ අත්අකුරු පරීක්ෂා කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart