
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටින් දිනකට පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
එම වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල සඳහන් කළේ, මෙරටින් වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වන අතර, වසරකට එම රෝගයෙන් මියයන සංඛ්‍යාව 1,000 කට අධික වන බවයි.
කොළඹ මහ නගර සභාව විසින් සංවිධාන කරන ලද පිළිකා මර්දන වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය තලගල කියා සිටියේ, ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය පියයුරු පිළිකාව බවයි.
මෙහිදී කල්තියා රෝගය හඳුනා ගැනීම, නියමිත වේලාවට ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් සම්බන්ධයෙන් නිරන්තර පසුපිරික්සුම් සිදු කිරීමේ වැදගත්කම ද වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම යම් රෝග ලක්ෂණයක් මතුවුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු ප්‍රතිකාර ප්‍රමාද කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම වඩාත් දුෂ්කර වන බව ද පැවසුවේය.
“කණගාටුවට කරුණ නම්, පැහැදිලි රෝග ලක්ෂණ තිබියදී පවා බොහෝ රෝගීන් සැලකිය යුතු කාලයක් ප්‍රතිකාර ප්‍රමාද කර පසුව රෝහල් වෙත පැමිණීමයි. ඒ වන විට හොඳ ප්‍රතිකාර ප්‍රතිඵල ලබාගැනීම වඩාත් අභියෝගාත්මක වෙනවා,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart