
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, 2026 වසරේ පළමු අර්ධය තුළ රන් භාණ්ඩ ඇපයට තබා බැංකු මගින් ලබා දුන් ණය ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, මාස හයක් වැනි කෙටි කාලයක් තුළ උකස් ණය මුදල් රුපියල් බිලියන 211.9 කින් වර්ධනය වී තිබේ.
2025 දෙසැම්බර් අග සිට 2026 ජූනි අග දක්වා වූ කාලය තුළ උකස් ණය ප්‍රමාණය 23.6% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණයේ හිඟ වටිනාකම රුපියල් ට්‍රිලියන 1.11 දක්වා ළඟා වී ඇත.
මෙම කාලසීමාව තුළ තනි පුද්ගල ණය දීමේ උප-ක්ෂේත්‍ර අතර වාර්තා වූ දෙවන ඉහළම වර්ධනය මෙය වූ අතර, එය මූල්‍ය හා ව්‍යාපාරික සේවා සඳහා වූ ණය වර්ධනයට වඩා තරමක් අඩු අගයක් විය.
ලියාපදිංචි වාණිජ බැංකු විසින් මූල්‍ය හා ව්‍යාපාරික සේවා අංශය සඳහා ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 212.7 කින් හෙවත් 27.1% කින් ඉහළ නංවා ඇති අතර, එමගින් එම අංශයේ ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 996.8 දක්වා ඉහළ ගොස් ඇත. එම අංශයේ ණය වර්ධනය උකස් අත්පිටමුදල් වර්ධනයට වඩා වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 0.8 කින් පමණි.
මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ වසරේ පළමු මාස හය තුළ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත රුපියල් ට්‍රිලියන 1.14 ක නව ණය මුදල් ලබා දී ඇති බවයි. මෙම සමස්ත ණය වර්ධනයෙන් 18.6% ක්ම නියෝජනය කර ඇත්තේ උකස් ණය ප්‍රමාණයයි.
රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගන්නා ණය ප්‍රමාණයේ මෙම ඉහළ යාම, පුද්ගලික ණය ව්‍යාප්තියේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. මෙම කාලසීමාව තුළ පුද්ගලික ණයවල සිදු වූ රුපියල් බිලියන 443.5 ක වර්ධනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත්තේ උකස් ණය මගිනි.
සංසන්දනාත්මකව බලන විට කෘෂිකර්මාන්තය සහ ධීවර ක්ෂේත්රය සඳහා ලබා දී ඇති නව ණය ප්‍රමාණය රුපියල් බිලියන 86.6 ක් වන අතර, ඒ අනුව උකස් ණය ප්‍රමාණයේ සිදු වූ වර්ධනය එම ක්ෂේත්රවල වාර්තා වූ නව ණය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
එමෙන්ම, බැංකුවල සමස්ත ණය කළඹ තුළද උකස් ණයවල දායකත්වය ඉහළ ගොස් තිබේ. සමස්ත බැංකු ණය ප්‍රමාණය අතුරින් උකස් ණය සඳහා හිමි වූ කොටස 2025 දෙසැම්බර් අග පැවැති 8.9% සිට 2026 ජූනි අග වන විට 9.9% දක්වා ඉහළ ගොස් ඇත. ලබා දී ඇති උකස් ණය මුදල්වල වටිනාකම මාර්තු මාසය වන විටත් රුපියල් ට්‍රිලියන 1 ඉක්මවා ගොස් තිබුණි.
රුපියල් ට්‍රිලියන 1.11 ක අගයක් ගනිමින්, උකස් ණය අංශය මේ වන විට නිවාස ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රය (රුපියල් ට්‍රිලියන 1.91) සහ තොග හා සිල්ලර වෙළඳාම (රුපියල් ට්‍රිලියන 1.13) යන අංශවලට පමණක් දෙවැනි වන තෙවන විශාලතම ණය අනු-ක්ෂේත්රය බවට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart