
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව කාර්තු 12 ක් පුරා වර්ධනය වෙමින් අර්බුදයට පෙර පැවැති මට්ටම දක්වා නැවත පැමිණ තිබුණද, ගෘහස්ථ ආදායම්, රැකියා අවස්ථා සහ දිළිඳුකමේ මට්ටම් තවදුරටත් සමස්ත ආර්ථික පිබිදීමට වඩා පසුපසින් පවතින බව ලෝක බැංකුව පවසයි.
‘ආර්ථික පිබිදීමේ සිට පරිවර්තනය වෙත’ යන තේමාව යටතේ නිකුත් කරන ලද නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීමේ වාර්තාව මගින් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ, ප්‍රබල කර්මාන්ත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය සහ සේවා අංශයේ ස්ථාවර වර්ධනය හමුවේ 2026 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.4% කින් වර්ධනය වන බවයි. මෙය මීට පෙර කළ පුරෝකථනයන්ට සාපේක්ෂව ඉහළ අගයකි.
එම වාර්තාවට අනුව, 2026 වසරේ පළමු අර්ධය තුළ තාත්වික දළ දේශීය නිෂ්පාදිතය 4.7% කින් වර්ධනය වී ඇති අතර, එමගින් ආර්ථිකය නැවතත් 2018 වසරේ පැවැති මට්ටමට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, මෙම ආර්ථික පිබිදීම තවදුරටත් අසම්පූර්ණ මෙන්ම අසමාන ස්වරූපයක් ගන්නා බවට අනතුරු අඟවන ලෝක බැංකුව, දිළිඳුකම තවමත් අර්බුදයට පෙර පැවැති මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක (16.9%) පවතින බව පෙන්වා දෙයි.
අර්බුදයෙන් පසු ඇති වූ මෙම ආර්ථික පිබිදීමේ වේගය අඩාල වීම සහ අඩු ඵලදායිතාව හමුවේ ආර්ථික වර්ධනය තවදුරටත් සීමා වීම නිසා 2027 වසර වන විට ආර්ථික වර්ධනය 4.2% දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයේ ඇති විය හැකි බලපෑම් හමුවේ ඵලදායිතාවයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට එල්ල විය හැකි අවදානම් පිළිබඳවද ලෝක බැංකුව අවධානය යොමු කර ඇත.
“අභියෝගාත්මක ගෝලීය පරිසරයක් හමුවේ ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම, එරට ජනතාවගේ කැපවීම සහ ආර්ථිකය ගොඩනැගීම උදෙසා රජය දක්වන උනන්දුව මැනවින් පිළිඹිමු කරන්නක්” යනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු සමූහයේ නියෝජිත ගෙවෝර්ග් සර්ග්සියාන් පැවසීය.
නමුත් මෙම සන්ධිස්ථානයට ළඟා වීම යනු ආරම්භයක් මිස අවසානය නෙවෙයි. ආර්ථිකය පරිවර්තනයකට ලක් කරමින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් වී ඇති අතර, ප්‍රාථමික අයවැය අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. කෙසේ වෙතත්, ඉහළ ගිය බලශක්ති සහ ආහාර මිලගණන් හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය ඉහළ ගොස් තිබේ.
එම වාර්තාවට අනුව, දිගුකාලීන ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව රාජ්‍ය වියදම් මත පදනම් වූ ආර්ථික රටාවෙන් බැහැර වී පුද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුය.
මේ සඳහා වඩාත් යහපත් යටිතල පහසුකම්, ස්ථාවර ආයෝජන පරිසරයක් සහ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයන් හි පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් අවශ්‍ය වන බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
තවද, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ දිළිඳුකම පිටුදැකීම සඳහා ඉහළ හැකියාවක් සහිත ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කෘෂි ව්‍යාපාර අංශය මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart