
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂඥයින්ගේ අනාවැකිවලට අනුව, 2041 වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් හතරදෙනකුගෙන් එක්අයකු වයස අවුරුදු 60 ඉක්මවූවකු වනු ඇතැයි අපේක්ෂා කරන බව සමාජ ආරක්ෂණ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
රටේ වැඩිවන වයස්ගත ජනගහනය හේතුවෙන් මතුවන අභියෝග රජය විසින් මේ වන විටත් හඳුනාගෙන ඇති බවත්, එම තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ක්‍රමානුකූලව ගනිමින් සිටින බවත් ඔහු පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ඉදිරි වර්ෂවලදී අඛණ්ඩව වර්ධනය වන වැඩිහිටි ජනගහනයේ සමාජ හා ආර්ථික අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් යෝග්‍ය සමාජ ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට රජය පුළුල් සැලසුම් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart