
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි සැකකරුවකු, සිය ශරීර අභ්‍යන්තරයේ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවාගෙන මැගසින් බන්ධනාගාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මල්ලි පුතා’ නැමැත්තා වෙත ලබාදීමට ගිය නවතම සැලසුමක් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න ඇතුළු කණ්ඩායම විසින් ව්‍යර්ථ කර ගෙන තිබේ.
ගල්කිස්ස බඩෝවිට දෙවන අදියරේ පදිංචි 57 හැවිරිදි මෙම සැකකරු පසුගිය 04 වැනිදා ගල්කිස්ස ටෙම්පල් පාරේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 60 ක් සමඟ පොලිස් භාරයට ගෙන ඇත. ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී, ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව අනාවරණය වී ඇත්තේ මොහු ගුද මාර්ගයේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරගත වීමට සූදානම් වන බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ස්කෑන් පරීක්ෂණයකට යොමුකර ඇත. එහිදී ඔහුගේ ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය අඩංගු කැප්සියුල දෙකක් ඇති බව තහවුරු වී තිබේ.
අනතුරුව සිදුකළ පරීක්ෂාවලදී සැකකරුගේ ශරීර අභ්‍යන්තරයෙන් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 60 කට අධික සංඛ්‍යාවක අඩංගු ග්‍රෑම් 33 ක්, හෙරොයින් ග්‍රෑම් 05 ක් සහ දුම්වැටි 05ක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart